Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පත් කිරීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු දෙකෙන් එකක් පිරවීම සඳහා ජනාධිපති අනුර දිසානායක විසින් ඉදිරිපත් කළ නිර්දේශය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.

ඒ අනුව, අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට නියමිතය.

විනිසුරු ගිහාන් කුලතුංග 1994 වර්ෂයේදී රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ අතර, 2012 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස අධිකරණ සේවයට එක් විය.

එසේම ඔහු හිටපු සොලිසිටර් ජෙනරාල්වරයකු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ කේ.එම්.බී. කුලතුංග මහතාගේ පුත්‍රයාද වෙයි.

Related posts

ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක්

Mohamed Dilsad

Watson ‘gave blood’ for Chennai during IPL final

Mohamed Dilsad

ඉන්දන මිල සංශෝධනය අද

Editor O

Leave a Comment