දේශීය

ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක්

(UTV | කොළඹ) – කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක් ලබා දීමට කටයුතු කරන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි පුද්ගලයින් 3500 ක් පමණ සිටින බව එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා කියා සිටියි.

ඒ අනුව හෝටල්වල සේවය කරන සංචාරකයින් ගෙන්වන පුද්ගලයින්ට, අනෙකුත් සංචාරක කර්මාන්තයට අදාළ පුද්ගලයින්ට හා රියැදුරන්ට මාසික දීමනාවක් ගෙවීමට කටයුතු කර ඇත.

ඔහු පැවසුවේ සංචාරක මගපෙන්වන්නන්ට රුපියල් 20,000 ක්, රියැදුරන්ට රුපියල් 15,000 ක් බැගින් එක මාසයකට පමණක් ලබාදෙන දීමනාවක් වශයෙන් ගෙවීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එම යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු ලබන මස මැද භාගයේ සිට ලබාදීමට කටයුතු කරන බවත් මේ සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 150 ක් පමණ මුදලක් වැයවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

මහර බන්ධනාරයේ ගැටුමෙන් මිය ගිය තවත් 04 දෙනෙකුගේ සිරුරු රෝහලට

Mohamed Dilsad

සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment