දේශීය

ඩිෆෙන්ඩර් අනතුරේ CCTV දර්ශන

පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුට දිවි අහිමි කළ ඩිෆෙන්ඩර් රථ අනතුරේ CCTV දර්ශන අප වෙත ලැබී තිබේ.

 

වව්නියාව, වෙලිකුලම ප්‍රදේශයේදී සිදුවු මෙම රිය අනතුරෙන් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙක් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

 

ඊයේ (09) රාත්‍රි 9.30ට පමණ එම අනතුර සිදුව ඇත.

 

පොලීසිය පැවසූවේ වර්ෂාව පැවති අවස්ථාවේ, පොලිස් විශේෂ කාර්ය බළකා ඩිෆෙන්ඩර් රථය මාර්ගයේ රැඳී සිටි කිරි ගවයෙකුගේ ගැටී රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවය.

 

අනතුරින් වව්නියාව, මඩුකන්ද පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත කොස්තාපල්වරු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් කුරුණෑගල සහ මැදවච්චිය ප්‍රදේශවල පදිංචි 29 හා 31 හැවිරිදි පුද්ගලයන්ය.

 

තුවාලකරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

අපි හොරා කෑවා කියන අයට අභියෝග කරනවා ඕනෑම අධිකරණයක නඩු දාන්න – අපේ නිර්දෝශීභාවය ඔප්පු කරනවා – නාමල් රාජපක්ෂ

Editor O

අයවැය ගැන තීරණයක් ගන්න නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

මේ වසරේ ගතවූ කාලය තුළ රට පුරා වෙඩි තැබීම් 67ක් : 37 ක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment