දේශීය

යුද හමුදාවේ විශාල පිරිසකට උසස්වීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් නිලධාරීන් 1,800කට වැඩි පිරිසකට උසස්වීම් ලබා දී තිබේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ උසස්වීම් ලබා දී ඇති බව සඳහන්ය.

 

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්වල නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙකු වෙත මෙම උසස්වීම් ලබා දී තිබේ.

 

එහිදි බ්‍රිගේඩියර්වරු 7 දෙනෙකු මේජර් ජනරාල් නිලයටත්, කර්නල්වරු 12 දෙනෙකු බිග්‍රේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල්වරු 37 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර් නිලයේ 41 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයටත් උසස් කර තිබේ.

 

වර්ෂ 1949 ඔක්තෝබර් මස 10 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව ආරම්භ වූ අතර සිය කීර්තිමත් ඉතිහාසය තුළ රටේ ආරක්ෂකයා වශයෙන් ජාතික අවශ්‍යතා වෙනුවෙන් යුද හමුදාව සුවිශාල මෙහෙවරක් ඉටුකර තිබේ.

 

දශක තුනක් පුරා පැවති ත්‍රස්තවාදය, මානුෂීය මෙහෙයුම් තුළින් පරාජයට පත් කරමින් ලොව විනය ගරුකම හමුදාව ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකා යුද හමුදාව ක්‍රියාන්විතයන් තුළ දී තම මනුෂ්‍යත්වය මෙන්ම වෘත්තීය නිපුණත්වය ද මනාව පෙන්නුම් කරමින් සිටී.

Related posts

දෙමළ පොදු අපේක්ෂකයා නම් කරයි

Editor O

සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි

Mohamed Dilsad

IDH රෝහලේ ධාරිතාව ඉක්මවා කොවිඩ් රෝගීන්

Mohamed Dilsad

Leave a Comment