Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත් සමග දේශපාලන පක්ෂ නායකයන් රැසක් විශේෂ සාකච්ඡාවක

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලගේම නායකයන් අද (05) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී රැස්විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, සර්ව ජනබලය පක්ෂයේ නායක දිල්ත් ජයවීර, දෙමළ ජාත්ක පක්ෂ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී පාර්ලිමේන්තු කටයුතු ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.

ඉදිරියේ දී පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් සාමූහිකව එකට එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම තුළින් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි බව එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුවේ යහපත් දේට සහය දෙනවා සේම රටට ජනතාවට හානියක් වන ඕනෑම අවස්ථාවක ඊට ⁣එරෙහිව ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතු බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙහි දී සියලු පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේ කමිටු කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කළේය.

පසුගිය ජනවාරි 29 වැනි දා ද විපක්ෂයේ පක්ෂ සියල්ලගේම නායකයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙය එම සාකච්ඡාවේ දිගුවක් ලෙස ද හැදින්විය හැකිය.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුවන, ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, අජිත් පී. පෙරේරා, රිෂාඩ් බදියුදීන්, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, රවී කරුණානායක, ජීවන් තොන්ඩමන්, සිවඥානම් ශ්‍රීදරන්, පී. සත්‍යලිංගම්, ඒ. අඩෙක්කලනාදන්, ගජේන්ද්‍රකුමාර පොන්නම්බලම්, රවුෆ් හකීම්, නසීම් කාරිඅප්පර්, වී රාධාක්‍රිෂ්ණන්, අනුරාධ ජයරත්න, ඩී. වී චානක, කාදර් මස්තාන් ඇතුළු පිරිසක් එක්විය

Related posts

சாப்பாட்டு விடுதியில் உணவு சப்ளை செய்யும் ரோபோக்கள்

Mohamed Dilsad

Met. Department warns of severe heat conditions today

Mohamed Dilsad

ஊழல் மற்றும் மோசடிகளுக்கு எதிராக புதிய திட்டம்

Mohamed Dilsad

Leave a Comment