Trending Newsඑසැන පුවත්දේශීය

සුජීවට රුපියල් මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී.ට නියෝග

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට මහතාට රුපියල් මිලියන 250ක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතාට අද (05) අධිකරණය නියෝග කළේය. ගල්කිස්ස දිසා අධිකරණය විසින් අද එම නියෝගය ලබාදී තිබුණි.

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ රූපවාහිනී සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයක අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය එම නියෝගය කර තිබේ.

Related posts

Sri Lanka High Commission in London celebrates Iftar

Mohamed Dilsad

138th Battle of the Blues; Perera gets 5 as Royal lose 3 quick wickets

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment