දේශීය

අනුරාධපුර – කුරුණෑගල මාර්ගයේ රිය අනතුරක්

(UTV | අනුරාධපුර) -ඊයේ (24) රාත්‍රියේ අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඒරියාගම හංදියේදී අනතුරක් සිදුව තිබේ.

තඹුත්තේගම පොලිසිය පවසන ආකාරයට මෝටර් රථයක ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පැවසුවේය.

ලොරි රථයේ රියදුරුට නින්දයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මෝටර් රථයේ සිටි මව සහ පුතුන් දෙදෙනා තුවාල ලබා තඹුත්තේගම සහ අනුරාධපුරය යන රෝහල් වලට ඇතුලත් කර ඇත.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

කංජිපානි ඉම්රාන්ගේ කුටියේ තිබී උපකරණ කීපයක් සොයා ගනී

Mohamed Dilsad

බදු නොගෙව්වොත් ගෙදරට ඇවිත් අය කර ගන්නවා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

Editor O

ආර්ථිකය පවත්වාගෙන යාමට බදු ආදායම ප්‍රමාණවත් නෑ

Editor O

Leave a Comment