දේශීය

අනුරාධපුර – කුරුණෑගල මාර්ගයේ රිය අනතුරක්

(UTV | අනුරාධපුර) -ඊයේ (24) රාත්‍රියේ අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඒරියාගම හංදියේදී අනතුරක් සිදුව තිබේ.

තඹුත්තේගම පොලිසිය පවසන ආකාරයට මෝටර් රථයක ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පැවසුවේය.

ලොරි රථයේ රියදුරුට නින්දයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මෝටර් රථයේ සිටි මව සහ පුතුන් දෙදෙනා තුවාල ලබා තඹුත්තේගම සහ අනුරාධපුරය යන රෝහල් වලට ඇතුලත් කර ඇත.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි

Mohamed Dilsad

දේශපාලනික වශයෙන්, රට පිරිහිලා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

Editor O

කොවිඩ් මර්දන එන්නත්කරණය 400 කට වැඩි මධ්‍යස්ථාන

Mohamed Dilsad

Leave a Comment