දේශීය

ශ්‍රී පාද රක්ෂිතයේ මැණික් ගැරූ පිරිසක් අත්අඩංගුවට

(UTV | රත්නපුර) -ශ්‍රී පාද රක්ෂිතයේ නීතිවිරෝධී ලෙස මැණික් ගැරූ පුද්ගලයින් 8 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24) රාත්‍රියේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

අත්අඩංගුවට පත්වූවන් 18,20,23,33,37 සහ 51 වයස්වල පසුවන අතර ඔවුන් අද (25) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

අද නව ආසාදිතයින් 354 දෙනෙක්

Mohamed Dilsad

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට දිනයේත්

Mohamed Dilsad

ඇමෙරිකාවේ බදු ගැන වහා සාකච්ඡා කළ යුතුයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

Editor O

Leave a Comment