දේශීය

කුලියාපිටියේ බුදුපිළිම කැඩූ ඉන්දීය ජාතිකයා හදිසියේ මිය යයි

(UTV | කුරුණෑගල) – කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය ගොස් තිබේ.  

වාරියපොළ බන්ධනාගාරයේ රදවා සිටි ඔහු ඊයේ රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කළේය.

මෘත ශරීරය වාරියපොළ රෝහලේ තැන්පත් කර ඇති අතර කොරෝනා පරීක්ෂාවකට ද ලක් කිරීමට නියමිතව ඇත.

 

Related posts

වැඩි වැටුප් ඉල්ලා රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment