දේශීය

නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කීපයකට ගිගුරුම් සහිත වැසි

(UTV | කොළඹ) – බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.   

කෙසේවෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 වනදා සිට 14 වනදා දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම පවතියි.

ඒ අනුව අද (06) දින පස්වරු 12.13 ට දොඩංගොඩ, ඉද්දගොඩ,අගලවත්ත, අත්වෙල්තොට, රන්වල, ගොඩවැලිපොකුණ හෙළ සහ කුමන වැව යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

 

 

Related posts

ධිවර සහ ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ට මැයි මාසයෙත් දීමනා

Mohamed Dilsad

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැහැ

Mohamed Dilsad

උපාධිවල ගුණාත්මකභාවය පිළිබඳ හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment