දේශීය

ධිවර සහ ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ට මැයි මාසයෙත් දීමනා

(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වු සියලූම ගොවි හා විශ්‍රාම වැටුප් ලාභීන්ට මැයි මාසය සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට නියමිතයි.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් ලාභීන්ට සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන්ටත් මෙවරත් මැයි මාසය සඳහා මෙම දීමනාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නියම කර තිබේ.

මේ බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම දීමනාව තමන්ට නියමිත තැපැල් කාර්යාල මඟින් මැයි මස 11, 12 , 13, 14 හා 15 යන දිනයන් හිදී ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සැළසුම් කර තිබේ.

කිසියම් හෝ හදිසි තත්ත්වයක් මත තම බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවහොත් අදාළ දිනයන් හිදී විශ්‍රාම වැටුප් ගිණුම් පොත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බව වැඩිදුරටත් සඳහන්.

Related posts

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ආචාර්යවරු සහ නිලධාරීන් 122ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පොලු තියයි.

Editor O

චීන ජාතිකයාගෙන් මුදල් පැහැරගත් භාෂා පරිවර්තක පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment