දේශීය

වැඩි වැටුප් ඉල්ලා රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබේ.

 

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව වාර්තා වේ.

 

රුපියල් 20,000 වැටුප් වැඩි කිරීම, වැඩිකරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම යනාදී ඉල්ලීම් මුල් කරගනිමින් මෙම විරෝධතා පැවැත්වීමට නියමිතය.

 

ඒ අනුව අද දහවල් 12ට කෑම පැය කාලය තුළ රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර ඇති අතර එහි ප්‍රධාන විරෝධතාව බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට සංවිධානය කර ඇති බව සඳහන්ය.

 

කෙසේවෙතත් රට අර්බුදයකින් ගොඩගන්නා අවස්ථාවක දේශපාලන අරමුණු වෙනුවෙන් විරෝධතා සංවිධානය කිරීම අනුමත කළ නොහැකි බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

 

Related posts

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීම අප්‍රේල් 16 සිට 29 දක්වා

Editor O

සරත් ෆොන්සේකා සජබ සභාපති ධූරයෙන් අස්වෙයි.

Editor O

වී සඳහා ගොවීන්ගෙන් මිලක්

Mohamed Dilsad

Leave a Comment