Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීම අප්‍රේල් 16 සිට 29 දක්වා

පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා නිවාසවලට බෙදාහැරීම අප්‍රේල් 16 සිට 29 දක්වා සිදු කෙරෙන බව තැපැල්පති රුවන් සත්කුමාර  මහතා පවසයි. අප්‍රේල් 20 වි‍ශේෂ දිනයක් සේ සළකා ඒ සඳහා කටයුතු කරන බව තැපැල්පතිවරයා ප්‍රකාශ කරයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය සදහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වනදා ආරම්භ වේ. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වනදා එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම පවසයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල ,මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය හා නියෝජ්‍ය පොලිස්පති කාර්යාල , පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරි කාර්යාල ,පොලිස් ස්ථාන , විශේෂ කාර්ය බලකාය,විශේෂ පොලිස් ඒකක හා ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශය යන ආයතනවල සේවය කරන නිලධාරීන් සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වනදා සිදුකිරීමට නියමිතය.

ත්‍රිවිධ හමුදා කදවුරු සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්දය සලකුණු කිරිම සිදුකෙරෙන්නේ අප්‍රේල් මස 23 සහ 24 යන දිනවලදීය. මෙම දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තම සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී අප්‍රේල් මස 28 සහ 29 යන දිනවලදී ද තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Related posts

முச்சக்கரவண்டிக் கட்டணங்கள் இன்று முதல் அதிகரிப்பு…

Mohamed Dilsad

Nalanda wins by 5 wickets

Mohamed Dilsad

Train derailed between Maradana and Colombo Fort Railway stations

Mohamed Dilsad

Leave a Comment