Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ග ගාස්තු අයකිරීම ගැන දැනුම් දීමක්

අධිවේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා සියලුම වාහන වලින් පෙර පරිදි මුදල් අය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

දිට්වා සුළි කුනාටුව හේතුවෙන් පැවති අයහපත් කාලගුණය මත අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගයන්හි ධාවනය වු වාහන සඳහා ගාස්තු අය නොකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ඉකුත් 27 වැනි දින තීරණය කළේය.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කටුනායක කොළඹ මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, සහ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව යන සියලුම මාර්ග වල ගමන් ගන්නා වාහන සඳහා පවතින අයහපත් කාලගුණ තත්වය පහව යනතුරු නොමිලේ ගමන් පහසුව සලසා දී තිබූ අතර ඊයේ (03) මධ්‍යම රාත්‍රී 12 සිට එම පහසුකම අත්හිටුවා තිබිණි.

Related posts

‘Sex and shopping’ author Judith Krantz dies at 91

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

Editor O

South Africa v West Indies World Cup match rained off

Mohamed Dilsad

Leave a Comment