අවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවන අය ඉවත් කිරීමට ආරක්ෂක අංශ වෙත අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසා ඇතැයි ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ අපදා තත්ත්වය පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟින් අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
ජනාධිපති දිසානායක මෙසේද පැවසීය. ඇතිවී තිබෙන හානියත්, හානියේ ප්‍රමාණයත් පිළිබඳ වාර්තා අපිට දෙන්න. එතකොට පුළුවන්කම තියෙනවා දළ ඇස්තමේන්තුවක් හදාගන්න. ඒ වගේම අපි අනපේක්ෂිත වියදම් සඳහා අයවැය ලේඛනයෙන් වෙන් කරන ලද බිලියන 30කට ආසන්න මුදලක් ඉතිරි වී තිබෙනවා. තවත් අවශ්‍ය නම් මුදල් ප්‍රතිපාදන පාර්ලිමේන්තු පරිපූරක ඇස්තමේන්තු හරහා සම්මත කර ගන්න පුළුවන්.
කට කතාවක් කරලා තියෙනවා කොත්මලේ ඩෑම් එක පුපුරා යාමේ අනතුරක් තියෙනවා කියලා. පොලිස්පතිතුමාටත් ඒ වගේම අපේ බුද්ධි සේවාවන්ටත් මම දැනුම් දුන්නා වහාම හොයන්න ඕනේ කවුද මේ කටකතා පතිරුවේ කියලා”
“
