Trending Newsඑසැන පුවත්දේශීය

අයහපත් කාලගුණයෙන් පීඩාව⁣ට පත් ජනතාවට සහන සලසන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – චාමර සම්පත්

ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව වහා පියවර ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මේ වන විට ආණ්ඩුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් පස් කඳු කඩා වැටීම්.නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙක් මියගොස් තවත් පිරිසක් අතුරුදහන්ව ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් වසා දමා ඇති බවත්, ඇතැම් ප්‍රදේශවල ජන ජීවිතය මුළුමනින්ම කඩා වැටී ඇති බව පෙන්වා දුන්නේය.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ තවදුරටත් නිහඬව නොසිටියේ, මේ පිළිබඳව විධිමත් සාකච්ඡාවක් පවත්වා ජනතාවට සහන සැලසීම වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

EU notes election important for reconciliation process in Sri Lanka

Mohamed Dilsad

”සාකච්ඡා දුර්වලයි” – ඇමරිකා තීරු බද්ද ගැන විපක්ෂ නායක සජිත්ගෙන් ට්විටර් සටහනක්

Editor O

වික්ටෝරියා නූලන්ඩ් දිවයින ට

Mohamed Dilsad

Leave a Comment