පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පාසල් ගුරුවරු හා විදුහල්පතිවරු දෙසැම්බර් 12 වන දා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
රට පුරා සියලූම පාසල් වල ගුරුවරු සහ විදුහල්පතිවරු මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එදිනට යෙදී ඇති පාසල් අවසාන වාර විභාග කටයුතු වෙනත් දිනයකට යොදන මෙන් සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබෙන බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
සිය ඉල්ලීම් සම්බන්ධව බලධාරීන් සමග මෙතෙක් පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැළීමට තීරණය කර ඇති බව සඳහන්.
ලබන 12 වැනිදා පැවැත්වෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධව බලධාරීන් දැනුවත් කර තිබියදී එදින වාර විභාග හෝ වෙනත් කටයුතු යොදාගැනීමෙන් සිදුවෙන අපහසුතාවන්ට අධ්‍යාපන බලධාරීන් වගකිවයුතු බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කරයි.
