Trending Newsඑසැන පුවත්දේශීය

කඩුගන්නාවේ වෙළෙඳසැලකට පස් කන්දක් කඩා වැටී පිරිසක් යටවෙයි

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී නිවසක් හා වෙළෙඳසල් කිහිපයක් මතට පස් කන්දක් කඩා වැටී ඇත.

පුද්ගලයන් කිහිපදෙනෙකු කඩා වැටුණු පස් කන්දට හා සුන් බුන්වලට යටවී ඇතැයි පොලිසිය කියයි.

සිවු දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇති අතර එක් අයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට අද (22) උදෑසන මෙම පස් කඳු කඩා වැටීම සිදුව තිබුණි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වී ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවය. 

Related posts

சன்னி லியோனுக்கு மெழுகு சிலை

Mohamed Dilsad

இன்று முதல் விசேட சுற்றிவளைப்பு நடவடிக்கை…

Mohamed Dilsad

Navy apprehends a person with 538 g of Kerala cannabis

Mohamed Dilsad

Leave a Comment