Trending Newsඑසැන පුවත්දේශීය

ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස් පෙළ සිසුන්, විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර

ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට යෑමට අවශ්‍ය පහසුකම් සපයන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසයි.

මෙම දිස්ත්‍රික්ක දෙකෙහි ඇතැම් ස්ථාන ජලයෙන් යටවී ඇති බවත්, ඒ හේතුවෙන් ගමනාගමන අපහසුතා ඇතිව තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් දරු දැරියන්ට විභාග මධ්‍යස්ථාන වෙත ළඟාවීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් බෝට්ටු කිහිපයක් මේ වනවිට යොදවා ඇත.

මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග දැනුම්දෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව පැවසීය.

Related posts

Navy rescues 2 fishermen distressed in the sea

Mohamed Dilsad

Hollywood’s Superman Christopher Dennis passes away at 52

Mohamed Dilsad

President visits disaster-stricken areas in Ratnapura

Mohamed Dilsad

Leave a Comment