Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍යවරු රජයේ වාහනයක් ඉල්ලයි

අයවැය මගින් වෛද්‍ය වෘත්තිකයන් නොසලකා හරිමින් ඔවුන්ගේ පහසුකම් කප්පාදු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි.

වෛද්‍යවරුන් ආදායම් බදු හේතුවෙන් විශාල පීඩනයකට පත්ව සිටින වටපිටාවක අයවැයෙන් සහනයක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවද එම සංසදය කියා සිටී.

වෛද්‍යවරු සඳහා ප්‍රවාහන පහසුකම් ඇතුළු අනෙකුත් දීමනා ලබාදීමට, ආණ්ඩුව කටයුතු කළ යුතු බවද එම සංගමයේ අදහසයි.

වෛද්‍යවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර හෝ දේශපාලන අධිකාරියට ලබාදෙන ලෙස ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බවද එම සංගමය සඳහන් කරයි.

ප්‍රමාණවත්, නිල නිවාස ඇතුළු නේවාසික පහසුකම් ද වෛද්‍යවරුන් සඳහා නොමැති බවත් මේ සම්බන්ධයෙන්ද රජය කඩිනම් අවධානය යොමු කළ යුතු බවත් සංසදය කියා සිටී.

Related posts

තවත් අධ්‍යාපන කලාපයක සියලු පාසැල් වසා දැමෙයි

Mohamed Dilsad

විදෙස්ගතව සිටි පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ඉන්ධන අර්බුදය මත සලාක ක‍්‍රමයට ඉන්ධන

Mohamed Dilsad

Leave a Comment