Trending Newsඑසැන පුවත්දේශීය

චාමර සම්පත්ට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට විරුද්ධව ගොනුකර තිබෙන පැමිණිල්ලක් ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු කර අල්ලස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවයිි

.අනුව මෙම නඩුකරයට අදාළ ඉදිරි පියවර දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පැමිණිල්ල යළි ජනවාරි මස 20 වනදා කැඳවීමට නියම කළේය.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවකින් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව එය ප්‍රතික්ෂේප කළ පසු  අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Related posts

அரசியல் பேதங்களை மறந்து அனைவரும் ஒரே இலங்கையர்களாக செயற்பட வேண்டும் – அமைச்சர் கபீர் ஹாஷிம்

Mohamed Dilsad

නිරෝධායන මධ්‍යස්ථානවල පිරිසට මෙවර ඡන්ද අවස්ථාව නොලැබේ

Mohamed Dilsad

Rupert Grint recollects ‘sparks flying’ between Emma Watson and Tom Felton

Mohamed Dilsad

Leave a Comment