Trending Newsඑසැන පුවත්දේශීය

වතු සේවක වැටුප ජනවාරියේ වැඩි නොකළොත්, ආණ්ඩුවට විරුද්ධව පොල් ගහනවා – පලනි දිගම්බරම්

වතු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට විරෝධය පළ කළ පාර්ශ්වයන්ට, එරෙහිව පොල් ගසන ලෙස, ආණ්ඩුවේ පිරිස් විසින් වතු ජනතාවට උපදෙස් දී ඇති බවත්, ආණ්ඩුවේ අය විසින් ඒ සඳහා පොල් ගෙනවිත් දී ඇති බවත්, , සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් ප්‍රකාශ කරයි.

හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව හෙළි කළේය.

දිගම්බරම් මන්ත‍්‍රීවරයා පැවසුවේ, වතු සේවක ප්‍රජාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඇතැම් කණ්ඩායම් විරෝධය පළ කරන අවස්ථාවකදී, රජය හා සම්බන්ධ පිරිස් විසින් එම ප්‍රජාවට පොල් ගසා විරෝධය පාන ලෙස උපදෙස් දී ඇති බවයි.

ඔහු තවදුරටත් අවධාරණය කළේ, වතු කම්කරු වැටුප ජනවාරි මාසයේදී අනිවාර්යයෙන්ම වැඩි කළහොත් කිසිදු ගැටලුවක් ඇති නොවන බවයි.

කෙසේ වෙතත්, නියමිත පරිදි ජනවාරි මාසයේදී වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි නොකළහොත්, “ආණ්ඩුවට විරුද්ධ පොල් ගැසිල්ල ආරම්භ වනු ඇති” බවට පලනි දිගම්බරම් මහතා අනතුරු ඇඟවීය

Related posts

“Impeachment is only way out for Sri Lanka,” Mangala says

Mohamed Dilsad

තැපැල් ඡන්ද විමසීමට දින නියම කෙරේ

Mohamed Dilsad

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ ගමන් කළ 12 දෙනාම බේරාගනී

Editor O

Leave a Comment