Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රිකුණාමලය සම්බෝධි විහාරස්ථානයේ බුදු පිළිමය ඉවත් කිරීමේ උත්සාහයක් ⁣නිසා උණුසුම් තත්ත්වයක්..!

ත්‍රිකුණාමලය සම්බෝධි විහාරස්ථානය ආසන්නයේ අද (17) අලුයම් කාලයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. ඒ එම විහාරස්ථානයට පොලිස් බල ඇති ඇතුළු වීමත් සමගයි.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එම විහාරස්ථානයේ තැබූ බුදු පිළිමයද පොලිසිය විසින් ඉවත් කිරීමට උත්සාහ දැරු බවය.

ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස් රැස්වී ඊට විරෝධය පළ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

එම විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය උත්සාහ දරණ බවට ද ඔවුන් චෝදනා කරති.

එම විහාරස්ථානයේ හිමියන් සඳහන් කරන්නේ පූජා බිම භූමි ඔප්පුවක් යටතේ මෙම විහාරස්ථානය ස්ථාපිත කර ඇති බවයි.

එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය මත භික්ෂූන් වහන්සේලා ඇතුළු කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇත.

Related posts

බඩු මිල පාලනය කර ගත නොහැකි තරමට වත්මන් ආණ්ඩුව දුර්වලයි – සජිත් ප්‍රේමදාස

Editor O

கொழும்பு – கட்டுநாயக்க அதிவேக வீதிக்கு தற்காலிக பூட்டு

Mohamed Dilsad

6 killed, including a child after blast in fan factory in Delhi

Mohamed Dilsad

Leave a Comment