Trending Newsඑසැන පුවත්දේශීය

ෂොපින් බෑග්වලට මුදල් අය කරන ලෙස ගැසට් නිවේදනයේ සඳහනක් නැහැ

භාණ්ඩ මිලදීගැනීමේදී ෂොපිං බෑග් සඳහා මිලක් අයකිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මුදල් ගෙවීය යුතු යැයි ගැසට් නිවේදනයේ සඳහන් වී නැති බව කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේ එහි නිලධාරීන් පෙන්වා දී තිබේ.

කාරක සභාවේ සභාපතිවරයා විසින් මෙම බෑග් සඳහා ගෙවිය යුතු මුදල තීරණය කරනු ලැබුවේ කිනම් පාර්ශ්වයක් විසින් දැයි පැමිණි නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේ එහි සිටි නිලධාරීන් මේ පැහැදිළි කිරීම සිදු කර ඇත.එසේම 

පොලිතීන් (ෂොපිං) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්නා ලෙස එම කාරක සභාව විසින් යෝජනා කර තිබේ.

මෙම ක්‍රියාමාර්ගය හරහා පොලිතීන් භාවිතය අවම වීම සිදු වේද යන්න සලකා බැලිය යුතු බවද එහිදී අප්පුහාමි මහතා යෝජනා කර ඇත. 

2025.11.10 සහ 12 යන දිනයන්හිදී මෙම කාරක සභාව පාර්ලිමේන්තු පැවැති අතර මෙහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ 2025 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය. 

එසේම ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීමද සිදු විය.

මෙම කාරක සභාව සඳහා විපක්ෂ න‍ායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඥානමුත්තු ශ්‍රීනේසන්, රොෂාන් අක්මීමන, චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, නීතිඥ සුජීව සේනසිංහ සහ උපුල් කිත්සිරි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

Related posts

අද හවසට තද වැසි

Mohamed Dilsad

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

புகையிரத சேவைகளில் தாமதம்…

Mohamed Dilsad

Leave a Comment