දේශීය

අද හවසට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.

 

බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට

මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකිය.

 

නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

කොමිෂන් සභා දෙකක පුරප්පාඩු තවදුරටත්

Mohamed Dilsad

රිය අනතුරකින් හමුදා සෙබළෙකු මරුට

Mohamed Dilsad

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment