Trending Newsඑසැන පුවත්දේශීය

අයවැය තෙවන වර කියවීමේ, කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව විවාදය අද සිට දින 17ක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වනදා ප.ව. 6ට සිදුු කිරීමට නියමිතයි .

මේ අතර 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් ඊයේ (14) සම්මත විය.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් ලැබුණු අතර, 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත විය.

මෙහිදී විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශකිරීම විශේෂයක්ය.

Related posts

තණමල්විලදී කැබ් රියක ගැටුණු එකම පවුලේ 03 ක් මරුට

Mohamed Dilsad

சஜித் ஜனாதிபதி நியாயப்படுத்தி ஐ.தே.கவை அவமதிக்கின்றார் – பொன்சேகா

Mohamed Dilsad

පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment