රජයේ බදු ගෙවීමෙන් පසු ද දැවැන්ත ශුද්ධ ලාභයක් උපයා ඇති වැවිලි සමාගම්වල සේවක වැටුප් සඳහා මහජන බදු මුදල් වෙන් කිරීමට මෙවර අයවැයෙන් ගෙන ඇති තීරණය මේ වන විට රට තුළ දැඩි විවේචනයකට එල්ල වෙමින් තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇති 2024-2025 වාර්ෂික මූල්‍ය වාර්තා අනුව, ප්‍රධාන පෙළේ වැවිලි සමාගම් රැසක් රුපියල් මිලියන සිය ගණනක ලාභ උපයා ඇත.
වැවිලි සමාගම් වාර්තා කළ බදු පසු ලාභ (රුපියල් වලින්):
වටවල ප්ලාන්ටේෂන්: රු. 1,885,000,000
නමුණුකුල ප්ලාන්ටේෂන්: රු. 1,526,069,000
ඇල්පිටිය ප්ලාන්ටේෂන්: රු. 1,329,000,000
තලවකැලේ ප්ලාන්ටේෂන්: රු. 1,235,000,000
බගවන්තලාව ප්ලාන්ටේෂන්: රු. 1,042,940,000
මස්කෙලිය ප්ලාන්ටේෂන්: රු. 958,372,000
කහවත්ත ප්ලාන්ටේෂන්: රු. 948,410,000
කැළණිවැලි ප්ලාන්ටේෂන්: රු. 941,786,000
ආගරපතන ප්ලාන්ටේෂන්: රු. 801,000,000
අගලවත්ත ප්ලාන්ටේෂන්: රු. 781,489,000
බලංගොඩ ප්ලාන්ටේෂන්: රු. 741,000,000
හැටන් ප්ලාන්ටේෂන්: රු. 718,900,000
උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්: රු. 581,000,000
මල්වත්තාවැලි ප්ලාන්ටේෂන්: රු. 532,837,000
කෑගල්ල ප්ලාන්ටේෂන්: රු. 516,871,000
කොටගල ප්ලාන්ටේෂන්: රු. 377,308,000
හපුගස්තැන්න ප්ලාන්ටේෂන්: රු. 339,514,000
මඩොල්සිම ප්ලාන්ටේෂන්: රු. 244,000,000
හොරන ප්ලාන්ටේෂන්: රු. 180,630,000
මහවැලි ප්ලාන්ටේසන්: රු. 140,390,208
මෙලෙස දැවැන්ත ලාභ උපයන සමාගම්වල සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා රජය මහජන බදු මුදලින් වැය කිරීමට ගෙන ඇති තීරණය දැඩි විවේචනයට ලක්ව තිබේ.
විශේෂයෙන්ම, වතු සේවකයෙක්ට දෛනික පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක් මහජන බදු මුදලින් ගෙවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධතා එල්ලවෙමින් තිබේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු ඇතමුන් මෙය නීති විරෝධී ලෙස විග්රහ කෙරෙන අතර තවත් පිරිසක් පවසන්නේ මේ පිටුපස ව්‍යාපාරික ගජමිතුරු සංග්‍රහ තිබිය හැකි බවයි
