Trending Newsඑසැන පුවත්දේශීය

ක්ෂය රෝගය ගැන බය හිතෙන අනාවරණයක්

ලොව මරාන්තිකම බෝවන රෝගය ලෙස තවදුරටත් සැළකෙන ක්ෂය රෝගය හේතුවෙන් 2024 වසරේදී ද ලොව පුරා පුද්ගලයින් මිලියන 1.23ක පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කෙසේවෙතත් එම සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව සියයට 3%ක අඩු වීමක් බව එම සංවිධානය පෙන්වා දී ඇත.

පසුගිය වසරේ ලොව පුරා පුද්ගලයින් මිලියන 10.7ක පිරිසක් ක්ෂය රෝගයට ගොදුරු වී ඇති අතර පිරිමි පුද්ගලයින් මිලියන 5.8ක්, කාන්තාවන් මිලියන 3.07ක් සහ ළමුන් මිලියන 1.02ක් ඒ අතර වන බව සඳහන් වේ.

ලොව පුරා වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් සියයට 25%ක්ම ඉන්දියාවෙන් වාර්තා වන අතර ඉන්දුනීසියාව, පිලිපීනය, චීනය සහ පාකිස්තානය යන රටවලින් ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ.

ක්ෂය රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම හා ප්‍රතිකාර සඳහා නිසි අවධානය යොමු නොවීම රෝග ව්‍යාප්තිය ඉහළ යෑමට හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

Related posts

ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදිතයකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් හමුවේ

Mohamed Dilsad

Rumours grow of rift between Saudi King, Crown Prince

Mohamed Dilsad

Chandimal says ‘not an easy call’ to drop vice-captain to bring in Dhananjaya

Mohamed Dilsad

Leave a Comment