Trending Newsඑසැන පුවත්දේශීය

බිත්තර වී ගොවිපළවල් සඳහා රක්ෂණයක්

බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර තිබේ.

ගොවි ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කරගෙන මෙම රක්ෂණ ක්‍රමය සකස් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

මෙහිදී වගා කරන ලද බිත්තර වී වගාවට ගංවතුර, නියඟය, රෝග, කෘමි හානි, ස්වභාවික විපත්, වන අලි හානිවලින් සිදුවන හානි සඳහා ආවරණය කර ඇති අතර අක්කර 01ක් සඳහා කන්නයකට රු.13,600/-  වාරික මුදලක් ගෙවීමෙන් අක්කරයකට රු.180,000 වන්දි මුදලක් ලබාගත හැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

මෙම බිත්තර වී ගොවිපළවලවලට රක්ෂණාවරණ ලබා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය බව එම මණ්ඩලය පවසයි.

බිත්තර වී නිෂ්පාදනය දිරිමත් කිරීම තුළින් ගොවියා වගාව තුළ රඳවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

SLMC ordered to register all foreign graduates

Mohamed Dilsad

Maldivian Coast Guard detains boat with Lankans on-board

Mohamed Dilsad

ஜம்மு காஷ்மீரில் பயங்கரவாதிகள் நடத்திய தாக்குதலில் 44 பேர் பலி

Mohamed Dilsad

Leave a Comment