Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය ටිකට් අරන්, ගුවන් යානයක ව්‍යාපාරික පංතියේ ගමන් කළ මාලිමාවේ ඇමතිවරු සිව්දෙනා කවුද…?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  දෙනෙකුට ලැබුණු එංගලන්ත ගුවන් ගමනක් අවභාවිතා කර ඇමතිවරු හතර දෙනකු ව්‍යාපාරික පන්තියේ ගමන් කර ඇති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

එංගලන්තයෙන් ලැබුණු සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට්වත් අමාත්‍යවරුන් විසින් ගුවන් යානය ඇතුළතදී විදුලි එලි නිවා ව්‍යාපාරික පංතියට මාරු කරගෙන ඇති බවත් හෙතෙම චෝදනා කරයි. 

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබමින් ඇති පසුබිමක අමාත්‍යවරු මේ ආකාරයෙන් එය තවදුරටත් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවත් හෙතෙම කියා සිටී.

මන්ත‍්‍රීවරුන්ට ලැබෙන ආරාධනා පත්‍ර ගුවන් ටිකට් පත් පාර්ලිමේන්තුව විසින් පරීක්ෂා කළ යුතු බවද මන්ත්‍රීවරයා අයවැය විවාදයට එක්වෙමින් කියා සිටියේය.

Related posts

பிரதி சபாநாயகரை தெரிவு செய்வற்கான இரகசிய வாக்கெடுப்பு ஆரம்பம்

Mohamed Dilsad

බස්නාහිර ඇඳිරි නීතිය හෙට අනිවාර්යයෙන් ඉවත් කරනවා – යුධ හමුදාපති

Mohamed Dilsad

FRANCE HITS RECORD TEMPERATURE OF 45.9 CELSIUS

Mohamed Dilsad

Leave a Comment