Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

නුවරඑළියේ එළවළු ගොවීන් වර්ජනයක !

නුවරඑළිය ⁣ගොවීන්, එළවලු අස්වැන්න අලෙවි කිරිමෙන් සහ ප්‍රවාහනය කිරිමෙන් වැළකී සිටින බවත්, ඒ අනුව ආණ්ඩුවට විරෝධය දැක්වීමක් වශයෙන් නුවරඑලියේ එළවලු ගොවීන් සහ එළවලු ගොවිතැනේ නියැලී සිටින සියලුම පාර්ශ්ව ඊයේ (09) දින තම දෛනික කටයුතු වලින් ඉවත් වු බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක මහතා පැවසීය.

රටේ අල ගොවීන් සහ බී ලූණු ගොවියන් තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සිටියදී ආනයනික අර්තාපල් සහ බී ලූණු සදහා දේශීය ගොවියා රැක ගැනීමට සරිලන බද්දක් අය නොකිරිමට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගයට එළබෙන බව තරිදු රත්නායක මහතා නුවරඑලියේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර කඩිනමින් විසදුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදි මීට වඩා ගොවීන් එක් වී දැඩි තීරණයකට එළඹෙන බවයි නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක මහතා කියා සිටියේ.

Related posts

Army Commander also requests parents to send children to schools

Mohamed Dilsad

අද සිට ඩ්‍රෝන කැමරා යොදවයි

Mohamed Dilsad

ரயிலுடன் மோதுண்டு நபர் ஒருவர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment