Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙසින් වාර්තා වී ඇත.

මෙය 2025 සැප්තැම්බර් මාසය අවසානයේ දී සටහන්ව තිබූ නිල සංචිත වත්කම් වටිනාකම වූ ඩොලර් මිලියන 6,244 හා සැසඳීමේ දී 0.4%ක සුළු පහළ යාමකි.

මෙම පහළ යාම සඳහා නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන, විදේශ විනිමය සංචිතය 2025 ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 6,179 සිට ඩොලර් මිලියන 6,100 ක් දක්වා 1.3%කින් අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

කෙසේවෙතත් 2025 ඔක්තෝබර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 58 සිට ඩොලර් මිලියන 80ක් දක්වා 36.6%ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි. පසුගිය මාසයේ දී ගෝලීය රන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙලෙස මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම ද ඉහළ ගොස් තිබෙන බව විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.

Related posts

சர்வதேச நீதிபதிகளை அழைக்கும் ஒரே நாடாக இலங்கை – மகிந்த குற்றச்சாட்டு

Mohamed Dilsad

விண்ணப்பப்படிவங்களை விநியோகிக்கும்  பணிகள் எதிர்வரும் 15 ஆம் திகதி முதல்

Mohamed Dilsad

Singapore considering extradition request on Mahendran

Mohamed Dilsad

Leave a Comment