Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි සිසුවියක් නිදියහනේදී ජීවිතක්ෂයට

උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල ඉහළ ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුෂි චමෝදි යන සිසුවියයි.

තම කාමරය තුළ, ඇය ඊයේ (09) රාත්‍රියේදී අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිට ඇති අතර උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් විසින් සොයා බලා තිබේ.

එහිදී ඇය කාමරයේ සිහිසුන්ව සිටින අයුරු දැක ඇති අතර ඔවුන් වහාම ඇයව දඹුල්ල මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත.

වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කර බලා පවසා ඇත්තේ රෝහලට රැගෙන ඒමට පෙර සිටම ඇය මියගොස් ඇති බවය.

සිද්ධිය වාර්තා වීමත් සමඟ දඹුල්ල ‍පොලීසියේ නිලධාරීන් පිරිසක් අදාළ සිසුවියගේ නිවසට ගොස් පරීක්ෂා කර බලා ඇති අතර එහිදී සැක කටයුතු කිසිවක් හමු නොවූ බව පොලීසිය පැවසීය.

කෙසේවෙතත් පොලීසිය සඳහන් කළේ සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය.

දඹුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි. 

Related posts

Two brothers killed while taking selfie on railway track

Mohamed Dilsad

இலங்கை முதலில் துடுப்பாட்டம்

Mohamed Dilsad

Final decision on revised bus fares today, Cabinet paper today

Mohamed Dilsad

Leave a Comment