Trending Newsඑසැන පුවත්දේශීය

වතු සේවක වැටුප වැඩි කිරීමට වතුහිමිකරුවන් එකඟ නැහැ

වතු සේවක වැටුප ජනවාරි මාසයේ සිට රුපියල් 1,750 දක්වා ඉහළ දැමීමට අදාළව ක්‍රමවේදයක් සකස් කරගැනීමට තවදුරටත් රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වැවිලි සමාගම් බලධාරීහු කියා සිටිති.

2026 අය වැය මගින් වතු සේවක වැටුප ජනවාරි මස සිට රුපියල් 1,750 ක් දක්වා ඉහළ දැමීම සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කළේය. මෙහිදී රජය විසින් රුපියල් 200 ක දීමනාවක් වතු සේවකයෙක්ට ලබාදීමට නියමිතය

.වතු සමාගම් විසින් මේ වනවිට වතු සේවකයෙක්ට රුපියල් 1,350 ක වැටුපක් ලබා දෙන අතර, ජනවාරි මාසය වන විටදී එය රුපියල් 1,550 ක් දක්වා රුපියල් 200 කින් වැඩිකළ යුතුවේ.

වතු සේවක වැටුප රුපියල් 1,750 ක් දක්වා ඉහළ නැංවීම සම්බන්ධව ජනාධිපතිවරයා ඇතුළු රජයේ පාර්ශ්ව වැවිලි සමාගම් නියෝජිතයන් සමග පසුගිය කාලයේදී සාකච්ඡා වට කීපයක් පැවැත්වීය.

කෙසේ නමුත්, වතු සමාගම් ආරංචිමාර්ග පවසන්නේ මේ සම්බන්ධව තවදුරටත් රජය සමග සාකච්ඡා කරන බවය

.

Related posts

ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

Sri Lanka to promote smallholder agribusiness partnerships

Mohamed Dilsad

முன்னாள் பிரதமர் அமரர் ட்டிலி சேனனாயக்கா பிறந்த தினம்

Mohamed Dilsad

Leave a Comment