Trending Newsඑසැන පුවත්දේශීය

හි⁣ටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්…?

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීමේදී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තාවේ.

ප්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් මෙම ගොඩනැගිල්ල පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලී පදනම මත ලබාගෙන තිබිණි. එහි මාසික කුලිය රුපියල් මිලියන 21ක් වූ බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙහිදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පසුගිය දිනක අල්ලස් කොමිසම වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව සඳහන්.

මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැවින් ඉදිරියේදී ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන, ඔහුව අත් අඩංගුවට ගැනෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

Related posts

மேம்பாலத்தின் ஊடாக மோட்டார் சைக்கிள் பயணிக்கத் தடை

Mohamed Dilsad

තුර්කි භූකම්පනයෙන් තුනක් මරුට – 680කට තුවාල

Mohamed Dilsad

වී සඳහා ගොවීන්ගෙන් මිලක්

Mohamed Dilsad

Leave a Comment