Trending Newsඑසැන පුවත්දේශීය

මහෙස්ත්‍රාත්වරුන් පත් කිරීමේ සුදුසුකම් සංශෝධනය කිරීමේ තීරණයක්

අධිකරණ සේවයේ මහෙස්ත්‍රාත් තනතුර සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අධිකරණ සේවයේ දෙවන පංතියේ පළමු ශ්‍රේණීයේ මහෙස්ත්‍රාත් තනතුර සඳහා වන සුදුසුකම් මෙලෙස සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ තනතුර සඳහා සපුරාලිය යුතු සුදුසුකම් 4ක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

වසර 03කට නොඅඩු කාලයක් ක්‍රියාකාරී වෘත්තියේ යෙදී සිටින හෝ යෙදී සිටි නීතීඥවරයෙකු වීම, නීතීඥවරයෙකු වශයෙන් දිවුරුම් දී වසර 3කට නොඅඩු සේවා කාලයක් ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, නීති පර්යේෂණ නිලධරයෙකු ලෙස සේවය කර ඇති නීතීඥවරයෙකු වීම අදාළ සුදුසුකම් වේ.

ඊට අමතරව යම් අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් රජයේ ආයතනයක වසර 3කට නොඅඩු කාලයක් නීති නිලධාරියෙකු ලෙස සේවය කර ඇති සහ එම කාලය තුළ නිරතුරුවම අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥවරයෙකු වීම ද අදාළ සුදුසුකම්වලට අයත් වේ.

යම් සමාගමක හෝ බැංකුවක හෝ ආයතනයක නීති නිලධාරියෙකු ලෙස අවුරුදු 3කට නොඅඩු කාලයක් සේවය කර ඇති සහ එම කාලය තුළ නිරතුරුවම අධිකරණය ඉදිරියේ පෙනී සිටි නීතීඥවරයෙකු වීම ද අධිකරණ සේවයේ දෙවන පංතියේ පළමු ශ්‍රේණියේ මහේස්ත්‍රාත් තනතුර සඳහා සුදුසුකමක් ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කර සිටී.

මීට පෙර අදාළ තනතුර සදහා නීතීඥවරයෙකු ලෙස වසර 4කට නොඅඩු කාලයක් සේවය කර තිබීම සුදුසුකමක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අතර එය වසරකින් අඩුකිරිමට මෙහිදී පියවර ගෙන තිබේ.

Related posts

Two suspects arrested with heroin valued over Rs. 2,000 million

Mohamed Dilsad

රංජන්ගේ දුරකථන සංවාද පිළිබඳ රස පරීක්ෂක විමර්ශන අරඹයි

Mohamed Dilsad

India shoots down Pakistani drone: Reports

Mohamed Dilsad

Leave a Comment