Trending Newsඑසැන පුවත්දේශීය

වැඩබලන අගවිනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විදේශගත වීම හේතුවෙන් ඒ මහතා නැවත මෙරටට පැමිණෙන තුරු ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

கொக்கேன் போதைப்பொருளுடன் நைஜீரிய பிரஜை ஒருவர் கைது

Mohamed Dilsad

සිරකරුවන් 173 කට පොසොන් වෙනුවෙන් අද නිදහස

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල නඩුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment