Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක්

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී අජිත් දොවාල් මහතා සහ විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා අතර හමුවක් සිදුවී තිබේ.

එහිදී දෙරට අතර සහයෝගීතාව සහ හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව පැවසෙයි.

ඉන්දීය නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී අජිත් දොවාල් මහතාව මෙලෙස ඊයේ (06) හමුවී තිබුණි.

සමුද්‍රීය සම්බන්ධතාව, ධාරිතා වර්ධනය සහ නූතන දියුණු තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි මෙන්ම දකුණු ආසියානු ජාතීන් අතර කලාපීය සහයෝගීතාව සහ හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වී ඇත.

ඉන්දියානු සාගර කලාපයේ මතුවන අභියෝගවලට මුහුණදීම සඳහා තොරතුරු හුවමාරුව, කලාපීය සංවර්ධන මුලපිරීම් සහ ආයතනික සහයෝගීතව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා තිබේ.

කලාපීය ස්ථාවරත්වය, ඵලදායී සහභාගීත්වය සහ සැවොම ඇතුළත් කරගත් වර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී යළිත් අවධාරණය කර තිබූ බවද සඳහන් ය.

Related posts

Showers and winds expected around the island – Met. Department

Mohamed Dilsad

A “Train to Busan” sequel on the way

Mohamed Dilsad

அரசியல் நடவடிக்கைகளில் சிறுவர்களை ஈடுபடுத்த வேண்டாம்

Mohamed Dilsad

Leave a Comment