Trending Newsඑසැන පුවත්දේශීය

නුවරවැව රක්ෂිතයට අදාළ අභියාචනා විමර්ශනය සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අමාත්‍ය අනුකමිටුවක්

අනුරාධපුර නුවරවැව රක්ෂිතය මැනීම හා සලකුනු යෙදීමේ කටයුතු සම්පූර්ණ වී ඇති අතර, එහි පදිංචිකරුවන් හා ව්‍යාපාරකරුවන්ගෙන් ලිඛිත අභියාචනා 350 ක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් විසින් පත්කළ අභියාචනා කමිටුවට ලැබී ඇතැයි වාර්තාවෙයි..

එම අභියාචනා සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය හා මඟ පෙන්වීම සඳහා, කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා සහ සංස්කෘතික අමාත්‍යවරයාගෙන් සමන්විත කැබිනට් අමාත්‍ය අනුකමිටුවක් පසුගිය ඔක්තෝබර් 27 දින පැවති කැබිනට් මන්ඩල රැස්වීමේදී පත්කර තිබේ..

කැබිනට් අමාත්‍ය අනුකමිටුව පවසන්නේ අදාළ අමාත්‍ය අනුකමිටුව රැස්වී පසුගිය නොවැම්බර් 3 දා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්, මිනුම්කටයුතු ජනරාල්, ඉඩම් කොමසාරිස් ජනරාල්, අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ, නුවරවැව රක්ෂිතයට අයත් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් වන නැගෙනහිර නුවරගම්පලාත සහ මිහින්තලය ප්‍රාදේශීය ලේකම්වරුන් සහභාගී කරගනිමින් වැඩිදුර සාකච්ඡා කළ බවයි.

මෙහිදී, රක්ෂිතයේ පදිංචිකරුවන්ට ඉඩම් අයිතිය පිළිබඳ ලැබී ඇති නීත්‍යානුකූල ලියකියවිලි (ඔප්පු, බලපත්‍ර) සහ ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනවල එකඟතා, මෙන්ම ලැබී ඇති ජනතා අභියාචනා විශ්ලේෂණ ඇතුළත් වාර්තාවක් සකස් කර ඉදිරිපත් කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත්කර තිබේ..

එම වාර්තාව මාසයක් ඇතුළත අමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කිරීමටත්, එමගින් රක්ෂිතයේ පදිංචිකරුවන් හා ව්‍යාපාරිකයන්ගේ නීත්‍යානුකූල ඉඩම් අයිතිවාසිකම් පිළිබඳ අවසන් තීරණය ගැනීමටත් කමිටුවේ අරමුණයි.

Related posts

விராட் கோலியின் சாதனையை முறியடித்த ரோகித் சர்மா

Mohamed Dilsad

ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහයෝගයක්

Mohamed Dilsad

විෂය නොදන්නා අය ශල්‍යකර්ම පිළිබඳ සහ යෝග්‍යතා පිළිබඳ කතා කරන්න එපා : විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සෞඛ්‍ය ඇමතිට දැඩි දෝෂාරෝණයක්

Editor O

Leave a Comment