Trending Newsඑසැන පුවත්දේශීය

කථානායකගේ කමිටුවේ වාර්තාවට පාර්ලිමේන්තු කාර්යයමණ්ඩලයේ විරෝධයක්

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලවල වැටුප් ඇතුළුව මේ වනවිට යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට එහි ඇතැම් දෙපාර්තමේන්තුවලින් විරෝධයක් එල්ල වී තිබෙන බව වාර්තා වේ.

මෙම ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා ඇතුළත් වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පත්කරන ලද කමිටුවකිනි. 

අදාළ කමිටු යෝජනා සම්බන්ධයෙන් සිය අදහස් දක්වන ලෙස කථානායකවරයා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයටම දන්වා තිබේ. 

පාර්ලිමේන්තුවට පිටතින් පත්කරන ලද එම කමිටුව මෙම වාර්තාව සකස් කිරීමට පෙර දෙපාර්තමේන්තු නවයේම නිලධාරීන් සමග සාකච්ඡා කර තිබෙන නමුත් ඇතැම් දෙපාර්තමේන්තුවලින් ලබාදුන් යෝජනා වාර්තාවට ඇතුළත් කර නොමැති බවට චෝදනා එල්ල වෙමින් පවතියි.

තමන් කලින් ඉදිරිපත් කළ යෝජනා වාර්තාවට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් ඇතැම් දෙපාර්තමේන්තු නිලධාරීහු දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටිති. 

එහි මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලය පසුගිය සතියේ විරෝධය පළකර ඇත්තේද මෙම වාර්තාවට සිය යෝජනා ඇතුළත් නොවීමට අදාළවය.

එල්ල වී තිබෙන විරෝධය සම්බන්ධයෙන් කථානායකවරයා හමුවී සාකච්ඡා කිරීමටද ඇතැම් නිලධාරීන් සූදානම් වන බවත් වාර්තා වේ

Related posts

Korea to provide US$199 million for Sri Lanka tunnel project

Mohamed Dilsad

President says he is not alone in the battle against the drug menace

Mohamed Dilsad

උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහය -ජනපති

Mohamed Dilsad

Leave a Comment