Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසියේ පිරිසකට ස්ථානමාරු

ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරුන් 12 දෙනෙකු සහ පොලිස් පරික්‍ෂකවරුන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව පොලිස්පති අණ දෙන කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරික්‍ෂක එන්.පී. කස්තුරිආරච්චි මහතා ගල්කිස්ස කොට්ඨාසය වෙත මාරු කර ඇත.

ගල්කිස්ස කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරික්‍ෂක ඩබ්ලිව් ටී.ආර්.පී. වත්තේගම මහතා ස්ථාන මාරු කර ඇත්තේ පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙසයි.

පොලිස් මූලස්ථානය පැවසුවේ, ප්‍රධාන පොලිස් පරික්‍ෂක ටී.එම්. කරුණාතිලක මහතා වැල්ලවාය පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට බණ්ඩාරවෙල කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථාන මාරු කර ඇති බවයි .

මේ අතර, පොලිස් පරික්‍ෂක කේ.එම්.ජී.බී. ජයරත්න මහතා කන්කසන්තුරය කොට්ඨාසයේ සිට කෝකිලායි පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇත..

පොලිස් මූලස්ථානය පැවසුවේ, මාතලේ කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් පරික්‍ෂක එස්.පී.පී.එස් සිරිවර්ධන මහතා සීගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇත්තේ ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බවයි.

Related posts

ගුවන් මගීන් ට විශේෂ දැනුම්දීමක්

Editor O

කාළගුණයෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

Magnitude 7.0 quake hits Papua New Guinea

Mohamed Dilsad

Leave a Comment