Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ සංචිත ඉළක්ක 2025 වර්ෂයේ සම්පූර්ණ කිරීමට ආණ්ඩුව ට බැහැ – උදය ගම්මන්පිල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව 2024 වසරේ අප සතුව ඩොලර් බිලියන 6ක විදේශ සංචිතයක් තිබිය යුතු බව හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. .ඔහු මේ බව ප්‍රකාශ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාකදී ය.

ඔහු පෙන්වා දෙන්නේ එම සංචිත ප්‍රමාණය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කජු කමින් ලෝකෙ වටේ ඇවිදිමින් ගොඩනඟා තිබූ බවයි.

2025 වසරේ ඩොලර් බිලියන 8ක විදේශ සංචිතයක් ගොඩනගා ගතයුතු වුව ද තවමත් ඇත්තේ බිලියන 6.1ක් බවත් අලුතින් එකතු වී ඇත්තේ බිලියන දශම එකක් පමණක් බව ද උදය ගම්මන්පිල පෙන්වා දෙයි.

ඩොලරයේ අගය දැනටමත් රු. 300 ඉක්මවා ඇති බවත් සංචිත ඉහළ නංවා ගැනීමට මහ බැංකුව ඩොලර් මිල දී ගතහොත් ඩොලරයේ ඉල්ලුම තවත් වැඩි වී එහි වටිනාමක තවත් ඉහළ යනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Related posts

Special Committee appointed to investigate content in school textbooks

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂයෙන් සත්‍යග්‍රහයක්

Mohamed Dilsad

කපිල චන්ද්‍රසේනට සහ බිරිඳට ඇප

Mohamed Dilsad

Leave a Comment