Trending Newsඑසැන පුවත්දේශීය

ජනතාවගේ දැඩි විරෝධය හමුවේ පනත් කෙටුම්පත් තුනක් තාවකාලිකව හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවෙයි

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට සැලසුම් කළ නමුත් ඊට එරෙහිව රට තුළ ඇතිවූ විරෝධය සැලකිල්ලට ගෙන ප්‍රධාන පෙළේ නීති කෙටුම්පත් තුනක් තාවකාලිකව අකුළා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත.

දරුවන්ට එරෙහි ශාරීරික හා මානසික හිංසනයන් දඬුවම් කිරීම් නොසලකා හැරීම් තහනම් කරමින් නීති සංශෝධනයක් ළමා හා කාන්තා කටයුතු ඇමැති සරෝජා සාවිත්‍රි පෝල් රාජ් විසින් පසුගිය සැප්තැම්බර් 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවාය.

එම පනතට එරෙහිව ගුරු වෘත්තීය සමිති, මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව රැසකින් විරෝධය එල්ල වූ අතර, අදාළ කෙටුම්පත සඳහා සංශෝධන ඉදිරිපත් කළ හැකි බව සඳහන් කරමින් ඇමැතිවරිය එය සම්මත කිරීම තාවකාලිකව කල් දමා ඇත.

සමලිංගිකත්වය අපරාධමය වරදක් ලෙස සැලකෙන දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කිරීම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු වූ පරිදිම ඉටු කිරීමට අවශ්‍ය කටයුතු ආණ්ඩුව විසින් සම්පාදනය කරන ලදී. කාදිනල්තුමන් ඇතුළු පූජ්‍ය පක්ෂයෙන් ඊට බරපතළ විවේචනයන් එල්ල වූ අතර, එම සංශෝධන ඉදිරිපත් කිරීමද තාවකාලිකව කල් දමා ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ එම වගන්ති ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ඉදිරිපත් කර තිබිණ. ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය කථානායකවරයාට දැනුම් දී ඇති අතර, එහිදී ඉදිරි කටයුතු පවතින්නේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර ගේ විෂය පථය යටතේය.

වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් තුන්වැනි පනත වනුයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමය. එය පසුගිය සැප්තැම්බර් 28 වැනිදාට පෙර සිදුකරන බව විදේශ කටයුතු ඇමැතිවරයා මෙන්ම අධිකරණ ඇමැතිවරයා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පොරොන්දු ලබා දී තිබුණේය. එය ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට පෙර ඉදිරිපත් කිරීමට සැලසුම් කළ නමුත් එය ඉටු කෙරුණේ නැත. නමුත් අධිකරණ ඇමැතිවරයා පසුව ප්‍රකාශ කළේ එම කටයුත්ත ඔක්තෝබර් 28 වැනිදා වනවිට අවසන් කරන බවය. නමුත් එම කටයුත්ත දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත.

මූලාශ්‍රය- අරුණ

Related posts

தேசிய பாடசாலைகளில் ஆசிரியர் இடமாற்றம்

Mohamed Dilsad

Government’s goal is to take country forward – President

Mohamed Dilsad

Lanka Police in Seychelles to investigate drug trafficking

Mohamed Dilsad

Leave a Comment