Trending Newsඑසැන පුවත්දේශීය

මහජන ආරක්ෂක ඇමති විජේපාල ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ යුතුයි – ප්‍රේමනාත් දොලවත්ත

මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා ප්‍රකාශ කරයි..

පසුගියදා ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශය මුල් කරගනිමින් අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතු යැයිද ඒ මහතා කීවේය.

දොලවත්ත මහතා මෙසේ ද කීවේය. මහජන ආරක්ෂක ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ගෙන එන්න ඕනේ. මොහු කැබිනට් අමාත්‍යවරයෙක්, ඔහුට ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ යම් පුද්ගලයෙක් මිය ගියාට පස්සේ ඔහු පාතාල සාමාජිකයෙක්, ඔහුගේ මරණය දෙවන පංතියට දාන්න ඕනේ, ඔහු ගැන හොයලා වැඩක් නෑ, මේක වෙන්න ඕනේ තිබුණ දෙයක්, ඔහු ගෙනාපු ආයුෂ ඉවරයි. ඔන්න ඔය වගේ කතාවක්නේ ඔහුගේ කතාව තුළ ගැබ් වෙන්නේ ඒක නෙමෙයි කළ යුත්තේ. රටේ සෑම පුරවැසියෙකුට අවශ්‍ය ආරක්ෂාව දෙන්න ඕනේ. එහෙනම් අර පාතාල සාමාජිකයින් උසාවි ගේනකොට ඔච්චර ආරක්ෂාවක් දෙන්න ඕනේ නැනේ.”  යැයිද කීවේය.

Related posts

ජංගම දුරකථන සාමාන්‍ය ඇමතුම් සහ ඩේටා සඳහා ලොවෙත් නැති

Editor O

US Judge orders deportation plane turnaround

Mohamed Dilsad

කොරෝනා මරණ ගණන තවත් ඉහළට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment