Trending Newsඑසැන පුවත්දේශීය

පුවක්දණ්ඩාවේ සනාට රඳවාගැනීමේ නියෝග නැත්තේ ඇයි…? – නාමල් රාජපක්ෂ

“පිල්ලෙයාන්ට-මනම්පේරිට රඳවා ගැනීමේ නියෝග පනවන නමුත්, පුවක්දණ්ඩාවේ සනාට රඳවා ගැනීමේ නියෝග නෑ! එසේ වන්නේ ඇයිදැයි , නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ( 23) පුශ්න කළේය.

එහිදි ආණ්ඩුවේ ක්‍රියාකලාපයෙහි විෂමතා පෙන්වා දෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ, “පිල්ලෙයාන්ට-මනම්පේරිට ‘ඩීඕ’ ගහන නමුත්, පුවක්දණ්ඩාවේ සනාට ‘ඩීඕ’ ගහන්නේ නෑ! ඇයි ඒ දෙවිදියක්? යනුවෙනි.

මෙහිදී ඔහු අවධාරණය කළේ, අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් පාර්ශ්වයන්ට රඳවා ගැනීමේ නියෝග දැඩිව ක්‍රියාත්මක කරන නමුත්, තවත් පාර්ශ්වයන්ට එසේ නොවීම ගැටළු සහගත බවයි.

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, තමන්ටද දරුවන් සිටින බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමෙහි ඇති වැදගත්කම පිළිගන්නා නමුත්, ආණ්ඩුව එම ක්‍රියාදාමය දියත් කරන ආකාරය ගැටළු සහගත බව පෙන්වා දුන්නේය.

එසේම වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එල්ල වූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාළ සභාපතිවරයා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණද, ඔහුට නිසි ආරක්ෂාවක් සැපයීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බවයි.

Related posts

සති අන්තයේ දුම්රිය ධාවනය[RELEASE]

Mohamed Dilsad

Three suspects apprehended during Navy – Police anti-drug operation [VIDEO]

Mohamed Dilsad

නුගේගොඩ ගොඩනැඟිල්ලක හටගත් ගින්න පාලනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment