Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමිට ලබාදුන් ආරක්ෂාව ඉවත් කරලා…?

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ගෙ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා ඉවත්කොට එම නිළධාරින් දෙදෙනා කිරිවෙහෙර පහල මළුවට සහ ඉහල මළුවට යොදවා ඇතැයි වාර්තා වේ.

තවද නාහිමියන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් දෙදෙනා ද කාවන්තිස්සපුර මූලස්ථාන කඳවුර  කැඳවා ඇතැයි කිරිවෙහෙර විහාරස්ථානය කියයි.

පොලිස්පතිවරයාගේ නිසි අවසරයකින් තොරව ප්‍රභූ, දේශපාලන හා ආගමික නායකයන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් ඉවත් කරන ලෙස තංගල්ල පොලිස් අධිකාරි කොට්ඨාසය තුළ ඇති සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා චක්‍ර ලේඛනයක් මගින් දැනුම්දී ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී. එස්. ඉෂාන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ එස්.ටී.එෆ් ආරක්ෂාව ඉවත්කොට ඇතැත් පොලිස් ආරක්ෂාව එලෙසම පවතින බවය.

කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු වසර හතකට වැඩි කාලයක් තිස්සේ පොලිස් හා එස්. ටී. එෆ්. ආරක්ෂාව ලබාදී තිබිණ.

Related posts

නුදුරේදිම රටට වෙන දේ ගැන එජාප සභාපති වජිර අබේවර්ධනගෙන් ප්‍රකාශයක්

Editor O

රෑට මැරෙන්න එපා…! මියයෑමට සිටින අයට, වෘත්තීය ක්‍රියමාර්ගයක යෙදී සිටින ග්‍රාම නිලධාරීනියන්ගෙන් දැනුම්දීමක්

Editor O

Euro 4 to replace Super Diesel and 95 Octane Petrol from July

Mohamed Dilsad

Leave a Comment