Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කර ජාතික ආර්ථිකයට දායක කර ගන්නවා – ජනාධිපති

ආසියාවේ විශාලම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික අපරාධය නිවැරදි කරමින් ඉන්දීය රජයේ සහාය ඇතිව එය කඩිනමින් සංවර්ධනය කර ජාතික ආර්ථිකයට එක් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (31) ත්‍රිකුණාමලයේ උවරමලේ ක්‍රීඩාංගණයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැළියේදීය.

ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙන බවත්, .මෙරටට පැමිණෙන සංචාරකයන් ලක්ෂ 50 දක්වා ඉහළ නංවාගත යුතු අතර ඒ වෙනුවෙන් නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වාත් වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාප ඇති කර සංචාරකයන් විශාල පිරිසක් මේ ප්‍රදේශයට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරන බවද ජනාධිපතිවරයා කීවේය.

ආසියාවේ ලොකුම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික අපරාධය මේ වන විට සිදු වෙනවා. කිසිම ආණ්ඩුවක් මෙය දියුණු කිරීමට අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා අප ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය දියුණු කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රයක් ලෙස දියුණු කිරීම මගින් අපි එම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සාම්පූර් සූර්යබලශක්ති ව්‍යාපෘතිය ද අප මේවන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම මේ පළාතේ අක්කර දහසකට වැඩි විශාල ආයෝජන කලාපයක් ඇති කර නව කර්මාන්ත ගෙන ඒමට ද අප කටයුතු කරන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම හිගුරක්ගොඩ ගුවන් තොටුපළ ද දියුණු කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

வோர்ட் பிளேஸ் வீதிக்கு தற்காலிகமாக பூட்டு

Mohamed Dilsad

Red Cross warns of post-flood water-borne diseases

Mohamed Dilsad

Flights rerouted as volcano alert raised

Mohamed Dilsad

Leave a Comment