Trending News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නොමැතිව රැඳී සිටින්නන්ට එරටින් පිටවීමට සහන කාලයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා සැප්තැම්බර් 01 සිට ඔක්තෝම්බර් 31 දක්වා මාස 2 ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නන්ට හා පොලිස් පැමිණිලි සහිත පුද්ගලයින්ට (තාමිම් කරනු ලැබූවන්ට), මෙම පොදු සමා කාලය තුළදී කිසිඳු දඩ මුදලකට යටත් නොවී හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී, එරටින් බැහැරවීමට, හය මාසයක තාවකාලික වීසා බලපත්‍රයක් ලබාගෙන නව රැකියාවක් ලබාගැනීමට හෝ අවස්ථාව හිමිවේ. එසේම අදාළ තැනැත්තාට එරෙහිව ඇති පැමිණිල්ල ඉවත් කරගෙන එරටින් පිටව යාමටද මෙම කාලය තුළදී අවස්ථාව සැලසෙන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි ශ්‍රි ලංකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඒ සඳහා, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ තානාපති කාර්යාලය මගින් නිකුත් කරන හදිසි පිටවීමේ පත්‍රය සමග ආගමන සේවා මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් විය යුතුය.

Related posts

Pakistan Envoy briefs Premier on regional security situation following Pulwama incident

Mohamed Dilsad

Nigerian Army delegates visits Jaffna for consultations

Mohamed Dilsad

குழந்தை பிறப்பதை லைவ் ஆக காட்ட காத்திருக்கும் பிரபல நடிகை…

Mohamed Dilsad

Leave a Comment