Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ස්ථිර වශයෙන්ම පක්ෂ මාරු ක්‍රමය නතර කරනවා – සජිත් ප්‍රේමදාස

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ස්ථිර වශයෙන්ම පක්ෂ මාරු ක්‍රමය නතර කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

නාච්චදූව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා එම අදහස් පළ කළේය. පක්ෂය වටා එක්ව සිටින කණ්ඩායම් පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ කටයුතු කිරීමට කැමති කණ්ඩායම් බවත්, ජනතා යහපත වෙනුවෙන් තීරණ පිරිසක් තමා සමග සිටින බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. දුගී දුප්පත්කම තුරන් කිරීමේ දැඩි අවශ්‍යතාවක්අපිට තියෙනවා. මේ ආණ්ඩුවේ දුර්වල ප්‍රතිපත්ති නිසා අපේ රටේ බහුතරයක් ජනතාව අසරණ වෙලා. දැන් තියෙන්නේ ජනතාව පැත්තකට දමලා කෝටි ප්‍රකෝටිපතියන් රකින රජයක්. රජයේ බැංකුවලට පොලු තිබ්බ කෝටිපතියන්ගේ නාමලේඛනය ඉදිරිපත් කරන්න කියල ජනාධිපතිවරයාට සහ මුදල් ඇමතිවරයාට කිව්වට එයාලා පිළිතුරු දෙන්නෙ නෑ. මේ අයගේ ගජමිතුරු සම්බන්ධතා මත කෝටි ප්‍රකෝටි ගණන් ණය කපා හැරලා. ඔවුන්ගේ ණය කපා හරින්න පුළුවන් නම් ගොවියාගේ වගා ණයත් කපා හැරිය යුතු යි. සමගි ජන බලවේගය සිටින්නේ සුපිරි පොහොසතා රකින්න නෙවෙයි. පොදුජනතාව ගොවි ජනතාව ධීවරයා, කම්කරුවා ඇතුළු පොඩි මිනිසා රකින්න.

Related posts

தெலுங்கானாவில் பஸ் கவிழ்ந்து கோர விபத்து

Mohamed Dilsad

President instructs to present plan on development of Kalpitiya Islands to Cabinet swiftly

Mohamed Dilsad

இந்திய முப்படை வீரர்கள் மலையகத்துக்கு விஜயம்

Mohamed Dilsad

Leave a Comment