Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම සභාපති ඝාතනය කළේ ; මාලිමාවට බලය ගන්නදැයි බරපතල සැකයක් – හිටපු ඇමති මහින්ද අමරවීර

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය දේශපාලනඥයන්ට එල්ල වූ තර්ජනයක් බවත්, එම ක්‍රියාව තරයේ හෙළා දකින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඒ මහතා, වැලිගම ඝාතනය සම්බන්ධයෙන් ආණ්ඩුව දෙසට සැක පහළ කළේය.

“වැලිගම ප්‍රාදේශීය සභාව රටේ මහත් ආන්දෝලනාත්මක ප්‍රාදේශීය සභාවක් බවට පත් වන්නේ එහි බලය ලබා ගැනීම සඳහා ආණ්ඩුව බොහෝ උපක්‍රම භාවිතා කරපු ප්‍රාදේශීය සභාවක් නිසා,” යැයි ද මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය.

ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, එම සභාවට අදාළව වෙඩි තබා ගැනීම්, පැහැර ගැනීම්, මුල් සභාවාරයේ සභාපති කෙනෙක් පත්කර ගැනීමට නොහැකි වීම වැනි සිදුවීම් රැසක් වාර්තා වූ බවයි. සභාපති තෝරන අවස්ථාවේදී ආණ්ඩුවේ මැති ඇමතිවරු සභාවේ රැඳී සිටීම හරහා ආණ්ඩු පාර්ශ්වය බලය ලබා ගැනීමට උත්සාහ කළ බවද ඔහු සඳහන් කළේය.

“ඒ කිසිම දෙයක් සාර්ථක නොවෙන අවස්ථාවේ විපක්ෂයෙන් පත් වූ සභාපතිවරයා ඝාතනය කරලා සභාවේ බලය ලබා ගැනීම ගත් උත්සාහයක් ද යන්න අපට සැකයි,” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

Ecuador protests: Indigenous groups block highways as protests continue

Mohamed Dilsad

තැපැල් ඡන්ද සලකුණු කිරීම එළබෙන සඳුදා සිට

Mohamed Dilsad

40,000කට වැඩි සංඛ්‍යාවක් නිරෝධායනය අවසන්

Mohamed Dilsad

Leave a Comment